නත්තල් කේක් අනුභව කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනෙක් මියගිය පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වනවා.
කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුගේ රුධිරයේ ආසනික් හමුවී ඇති බව පොලිස් ප්‍රධානියෙක් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මීට අමතරව 10 හැවිරිදි පිරිමි ළමයෙකුගේ සහ කේක් තැනූ කාන්තාවගේ රුධිර පරීක්ෂණ ප්‍රතිඵලවලින්ද මෙම උග්‍ර විෂ සහිත ද්‍රව්‍ය හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
බ්‍රසීලයේ දකුණු රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් ප්‍රාන්තයේ ටොරස් හි පදිංචි මෙම පිරිස නත්තල් කේක් අනුභව කිරීමෙන් පසු එකම පවුලේ පස් දෙනෙකු රෝගාතුර වී ඇති බව වාර්තා වුණා.
පොලිසිය එම කේක් ගෙඩිය පරීක්‍ෂණ සඳහා යවා ඇති අතර, එම කාන්තාවගේ නිවස පරීක්‍ෂා කිරීමේදී යල් පැන ගිය ආහාර ද්‍රව්‍ය කිහිපයක් ද සොයාගත් බව සඳහන්. මෙම විෂ ශරීරගත කිරීම හිතාමතා සිදු කළ එකක්ද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බවද නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.