Global Platform For All Sri Lankans

Lanka Hit News

හෙට සිට ඇරඹෙන බෝට්ටු සේවාව

ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන බවට සිව ගංගී නැව් සමාගම නිවේදනය කර තිබෙන බවට වාර්තා වනවා.

පසුගිය වසරේ ආරම්භ වූ නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපෑ අධික සුලිසුලං සහ කුණාටු තත්වයන් මෙන්ම ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට නැව් සමගම තීරණය කළා.

හෙට (02) දිනයේදී නැවත ඇරඹෙන මගී නැව් සේවා ව සඳහා මගීන්ට අවශ්‍ය කෙරෙන ආසන වෙන්කරවා ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දී තිබූ අතර ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් 35,000ක් බවට දක්වා තිබෙනවා.

එමෙන්ම සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි නැව් සේවා සමාගම මගී ගමනාගමනය සිදුකිරීමටද බලාපොරොත්තුවෙන් සිටින බවට වැඩිදුරටත් වාර්තා වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads