මෙරටට ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 88,000ක් මේ වන විට නිශ්කාෂණය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ, කැකුලු සහල් මෙට්‍රික් ටොන් 34,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 54,000ක් ඒ අතර වන බවයි.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ සහල් මෙට්‍රික් ටොන් 780 ක්ද නිශ්කාෂණය කර තිබෙනවා.
මේ අතර, ලබන 10 වනදායින් පසුව සහල් ආනයනයට ලබාදී තිබූ නිදහස යටතේ කිසියම් ව්‍යාපාරිකයෙකු සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යවන බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ ප්‍රකාශ කළා.
එමෙන්ම, අමාත්‍ය වසන්ත සමරසිංහගේ උපදෙස් මත ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ තාරුක තෙන්නකෝන් ඊයේ කැකිරාව – මාංකඩවල ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ සහල් මෝලක් නිරීක්ෂණය කළා.
මෙම වී මෝලෙන් මේ වන විටත් දෛනිකව සහල් කිලෝ ලක්ෂයක් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවයි මන්ත්‍රිවරයා එහිදී කියා සිටියේ.