Global Platform For All Sri Lankans

Lanka Hit News

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල් කළ ඖෂධ සඳහා දැරිය හැකි ප්‍රවේශයක් හඳුන්වාදී තිබෙනවා.

එමගින් සුදුසුකම්ලත් රෝගියෙකුට උපරිම වශයෙන් ඩොලර් 31.60 ක් හෝ සහන කාඩ්පතක් සමඟ ඩොලර් 7.70 ක් පමණක් ගෙවන බව කියයි.

සෑම දිනකම ඕස්ට්‍රේලියානුවන් 58 දෙනෙකු පමණ පියයුරු පිළිකාවට ගොදුරු වේ.

ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් අතර පියයුරු පිළිකාව බහුලව දක්නට ලැබෙනවා.

ඕස්ට්‍රේලියානු කාන්තාවන් 7 දෙනෙකුගෙන් 1කෙනෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ පියයුරු පිළිකා ඇති බව හඳුනාගෙන තිබෙන බව සඳහන්.

ඒ අතරින් ඕස්ට්‍රේලියානුවන් 10,000කට අධික සංඛ්‍යාවක් metastatic පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳිනු ලබයි.

තහවුරු කරන ලද BRCA1 හෝ BRCA2 විකෘතියක් සහිත HER2 සෘණ metastatic පියයුරු පිළිකා යනු ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිරී ඇති පිළිකා වර්ගයක් වන අතර ඊට ජාන විකෘති හේතුවෙන් ප්‍රතිකාර කිරීමට අපහසු බවයි කියන්නේ.

මෙම PBS ප්‍රතිකාර වෙත යොමු වීම සඳහා පරීක්ෂණ අවශ්‍ය සියලුම metastatic පියයුරු පිළිකා රෝගීන්ට germline BRCA පරීක්ෂණය reimbursed කරන බව රජය නිවේදනය කරයි.

සහනාධාරයක් නොමැතිව, olaparib ප්‍රතිකාර සඳහා metastatic පියයුරු පිළිකා රෝගීන්ට ඩොලර් 72,000 ක් පමණ වැය වන අතර මෙම ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මගින් සෑම වසරකම පියයුරු පිළිකා රෝගීන් 300 කට පමණ ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ශරීරයේ අනෙකුත් කොටස් වලට පැතිරී ඇති සහ හෝමෝන ප්‍රතිකාරයට ප්‍රතිචාර නොදක්වන පිළිකාව Metastatic castration-resistant prostate cancer (පුරස්ථි ග්‍රන්ථි පිළිකාව) ලෙස හඳුන්වයි.

එම රෝගයෙන් පීඩා විඳින රෝගීන් සහනාධාරයක් නොමැතිව, talazoparib ප්‍රතිකාර සඳහා ඔවුන්ට ඩොලර් 101,000 ක් පමණ වැය වේ.

එහිදී එම රෝගයට මෙම PBS ප්‍රතිකාර ක්‍රමය මගින් සෑම වසරකම 180 කට පමණ ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම ඖෂධ දෙකම අයත් වන්නේ PARP (poly-ADP ribose polymerase) inhibitors නම් වූ පිළිකා නාශක ඖෂධ සමූහයකට වන අතර, DNA හානිය යථා තත්ත්වයට පත් කිරීමට හොඳ නැති පිළිකා සෛල විනාශ කිරීමට උපකාරී වෙයි.

2022 ජූලි මාසයේ සිට ඕස්ට්‍රේලියානු රජය ස්වාධීන ඖෂධ ප්‍රතිලාභ උපදේශක කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි PBS හි නව සහ සංශෝධිත ලැයිස්තුගත කිරීම් 284ක් සඳහා අමතර අරමුදල් අනුමත කර තිබෙන බවයි කියන්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads