Global Platform For All Sri Lankans

Lanka Hit News

එක්සත් රාජධානිය වීසා නිදහස් කිරීමේ වැඩපිලිවෙළ පුළුල් කිරීමට පියවර

වීසා නිදහස් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව අද සිට බ්‍රිතාන්‍යයට ඇතුළු වන ඇමරිකා එක්සත් ජනපද, කැනේඩියානු හා තවත් රටවල් රැසක සංචාරකයින්ට රට තුළට ඇතුළු වීමට පෙර සංචාරක අවසරයක් ලබා ගත යුතු වනවා.

එය විද්‍යුත් සංචාරක අවසරයක් හෝ ඊ. ටී. ඒ. අවසරය විය හැකිවේ.

බ්‍රිතාන්‍ය මෙම වැඩසටහන 2023 වසරේදී කාටාර් රාජ්‍යයෙනුයි ආරම්භ කර තිබෙන්නේ.

පසුව පසුගිය වසරේදී ගල්ෆ් රටවල් වන බහරේන්, කුවේට්, ඕමානය, , සෞදි අරාබිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල්වලද දියත් කළා.

අද සිට එය තවත් රටවල් හා ප්‍රදේශ 50 ක පමණ ක්‍රියාත්මක කිරීමටයි බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබෙන්නේ.

දේශසීමා ආරක්ෂාව දැඩි කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව කියයි.

එසේම ලබන අප්‍රේල් මස 2 වැනිදා සිට යුරෝපා සංගමය සහ අනෙකුත් යුරෝපීය රටවලද ව්‍යාප්ත කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව රට තුළට ඇතුළු වීමට පෙර අවසර ගැනිමට අයදුම් කිරීම සඳහා පවුම් 10 ක පමණ ගෙවීමක් සිදු කළ යුතුයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads