2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
රජයේ අරමුණ සියළු දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය ලබා දීම බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපන පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ සිදුකළ යුතු විෂය මාලා ප්‍රතිසංස්කරණ තුළින් පාසල් පද්ධතිය නව සංවර්ධන වැඩපිළිවෙළකට යොමු කිරීමට අදහස් කරනු ලබනවා. එහිදී නව විෂය මාලා සඳහා ගුරුවරුන් සූදානම් කිරීම, ගුරුවරුන්ට නිසි පුහුණුව සහ ධාරිතා සංවර්ධනය සඳහා යොමු කිරීම තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මානව සම්පත් සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
Author: Lanka Hit News
Post Views: 7