2025 ජනවාරි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා අද ( 22 ) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේසේකර පවසනවා.
අස්වැසුම ප්‍රතිලාභීන් හට තමාට හිමි ප්‍රතිලාභ අද දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවයි ඔහු පවසන්නේ.
අස්වැසුම ප්‍රතිලාභීන් දාහත් ලක්‍ෂ විසි දෙදහස් නවසිය විසි දෙකක් අතර බිලියන 12කට අධික වූ (රු. 12,536,422,500.00) මුදලක් බෙදාහැර ඇති බවද ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
Author: Lanka Hit News
Post Views: 1