Global Platform For All Sri Lankans

Lanka Hit News

මන්ත්‍රී-ඇමැති වරප්‍රසාද ගත්තාට ඩයනාට අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ

diana-gamage

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම

විමර්ශන ආරම්භ කර ඇත.හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනත් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇය අවභාවිත කළ මුදල් ආපසු අය කර ගන්නා ලෙසත් ඇයට එරෙහිව නඩු පවරන ලෙසත් ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

2020 අගෝස්තු මාසයේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ මහත්මිය පසුව සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ බවත් මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නඩුවකට අනුව ඇගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බවත් සඳහන් කරන කාමන්ත තුෂාර මහතා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් හා රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළ සමයේදී මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විඳ ඇතැයි සඳහන් කර ඇත.

ඩයනා ගමගේ මහත්මිය අදාළ කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් හා රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් වැටුප් ද, නිලරථ හා ඉන්ධන, ආරක්ෂක භට පිරිස්, රියැදුරන් මෙන්ම නිල කාර්යාල හා නිල නිවෙස් ද ලබාගෙන ඇතැයි ද පෙන්වා දෙන කාමන්ත තුෂාර මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති බව දනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් කටයුතු කරමින් ඇය රාජ්‍ය මුදල් හා දේපළ භාවිත කිරීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් කර ඇතැයි සඳහන් කර ඇත.මෙලෙස මන්ත්‍රී හා ඇමැති වරප්‍රසාද භුක්ති විදීමෙන් මෙන්ම රාජ්‍ය මුදල් හා දේපළ භාවිත කිරීමෙන් ඇය අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කර ඇතැයි ද සඳහන් කරන කාමන්ත තුෂාර මහතා මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි ද ඉල්ලා සිටී.මෙම පැමිණිල්ල පිළිබඳ අධ්‍යයනය කළ අල්ලස් කොමිසම මේ පිළිබඳ විමර්ශනය ආරම්භ කර ඇත.

 මනෝප්‍රිය ගුණසේකර



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads