Global Platform For All Sri Lankans

රනිල්ට 5 නෙමේ 6 ක් පුළුවන් ජනපතිවරණය පැවැත්වීම වළකන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ranil-tries-extend-6

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපනයක් දෙනතුරු
ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම  වළකාලන අතුරු  නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා
ව්‍යවසායකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (03) ගොනු කළේය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධුරකාලය කවරක්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ
විසින් අර්ථකථනය කළ යුතු බවත් අර්ථනිරූපණයක් ලබා ගැනීමකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමෙන්
ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ
ධුරකාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් දෙන තෙක් දැනට ප්‍රකාශ කර ඇති
ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්
පෙත්සම්කරු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

මොරටුවේ පදිංචි ව්‍යවසායකයකු බව කියන සී.ඩී. ලේනව මහතා  ගොනු කළ මෙම පෙත්සමේ
වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසන් නම් කර ඇත.

වසර 06ක කාලයකට පත්වු ජනාධපතිවරයාගේ ධුර කාලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ
03 වන පරිච්ඡේදයෙන් වසර 05 දක්වා  මගින් සංශෝධනය කර ඇතත් ජනාධිපතිවරයාට උපරීම වශයෙන්
වසර 06ක කාලයක් කටයුතු කළ හැකි බව එහි සඳහන්ව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු එම කරුණ
ප්‍රශ්නගත බවද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 12 පරිච්ඡේදය සලකා බැලීමේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
නිසි පරිදි සිදුවී නොමැති බවත් එම සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම උල්ලංඝනය වී ඇති බවටත්
චෝදනා කරන පෙත්සම්කරු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ වන විටත් බලයේ සිටි විධායක
ජනාධිපතිවරයාට බලපවත්වෙන බවට සඳහන් වී ඇතැයිද බලයේ සිටින ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යම්
සංශෝධනයක් සිදු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12වන වගන්තිය අනුව එය ජනමත විචාරණයකට
යොමු කළ යුතු බව තමාගේ මතය බවද පවසන පෙත්සම්කරු එහෙත් 19  වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් නෙැපැවැත් වු බවද සඳහන් කළේය.

මෙම තත්වය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම පටහැනිව
යෑමක් මෙන්ම එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) ව්‍යවස්ථාව සංශෝධනය වී ඇද්ද යන්න
අපැහැදිලි බවත් පවසන පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ ධුරකාලය කොපමණද? යන්න පිළිබඳ
ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් කළ යුතු බවද සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් නොමැතිව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමෙන් ජනතාවගේ මූලික
අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද  එමගින් මහජනතා මුදල් අවභාවිතා කිරීමක් විය හැකි බවද පවසන
පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක්
දෙනතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම ඇතුළු
බලධාරීන් වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කළේය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads