Global Platform For All Sri Lankans

මව තුවාල කළ අලුගෝසු පුතා සොයා පොලිසියෙන් විමර්ශන

dombagahawela-incident

දොඹගහවෙල පොලිස් වසමට අයත් හෙරලිගස්යාය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි තම මවට පහරදී ප්‍රදේශයෙන් පලාගොස් සිටින ඇයගේ බාල පුතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉකුත් 29 දා තිදරු මවක වන එම්. ඒ. ශ්‍රියානි නමැත්තිය ඇයගේ ඉඩමේ මායිමේ පිහිටි කොස් ගසකින් ගෙඩි තුන හතරක් කඩා ඇති අතර ඒ පිළිබඳව උරණ වූ ඇයගේ බාල පුතා මවට බැණ වැදී අතේ තිබූ විදුලි පන්දමකින් පහරදීමෙන් ඇයගේ නිකට ප්‍රදේශයට පහරදී තිබේ.

නිකටට තුවාල වූ ඇය ලේ ගලන තුවාල සහිතව දොඹගහවෙල පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කර ඇත.

“මට දියණියක් සහ පුතුන් දෙදෙනකු ඉන්නවා. දියණිය සහ වැඩිමහල් පුතා විවාහ වී වෙනත් ප්‍රදේශ වල පදිංචිව ඉන්නේ. අපි පදිංචි මගේ ඉඩමේ කොටසක් බාල පුතාට වෙන්කර දුන්නා. කොස් ගහ තියෙන්නේ ගෙදරට යන ඉඩමේ පාර අයිනේ. වැටෙන් මේ පැත්තේ අඩි 12 ක පාරකුත් දුන්නා. වැටෙන් මේ පැත්තේ තියෙන කොස් ගහේ තමයි මම ගෙඩි කැඩුවේ. ඉඩමින් පැත්තක් එයාට දුන්නා. ඒ පැත්තේ කිසිම දෙයක් මම අතපත ගාන්න යන්නේ නැහැ.

මං ගහේ කොස් ගෙඩි තුන හතරක් කඩාගත්තා. එක සැරයකුත් තොල් පටියට පිහියකින් තදකළා.. යට තොල් පටියෙන් ලේ ආවා. ඒත් මම ඉවසලා හිටියා.මේ සැරේ මට හොඳටම අමාරුයි. ඒ නිසා මම පොලිසියට ආවා.

සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩී. එම්. කුමාරසිංහ –

“හෙරලිගස්යාය ප්‍රදේශයේ පදිංචිකාරියක් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළා කොස්ගෙඩි තුන හතරක් කැඩූවයි බාල පුතා විසින් පහරදුන් බවට. ඇයගේ රුධිරය වහනයවීම නිසා ප්‍රකාශ සටහන් කරගැනීම නතර කර ඇයව රෝහල් ගතකිරීමට කටයුතු කළා.

පසුව අපි සිද්ධිය වූ ස්ථානයට ගියා. කොස් ගහ ළඟ ගෙඩි තුන හතරක් වැටී තිබුණා. ඒවා කෑලි කෑලිවලට කපා තිබුණා. සැකකරු විසින් මවට පහරදීමෙන් පසුව ඔහු කොස් ගෙඩි ටික එසේ විනාශ කර ඇති බව අපට තේරුණා. සිද්ධියට සම්බන්ධ කොටියාගල ප්‍රදේශයේ හේන් කරන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට දැනගැනීමට ලැබුණා ඔහුව අත්අඩංගුවටගැනීමට කටයුතු කරගෙන යනවා.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads