Global Platform For All Sri Lankans

මවක‍ට නිවුන් දරුවන් 5 ක් වගේ ලොකුවට පෙනුණ බඩේ ගෙඩිය සැත්කමකින් ඉවත් කරයි

hambantota-hospital-incident

 නිවුන් දරු­වන් පස් දෙන­කුට සමාන උද­රයේ විශා­ල­ත්ව­ය­කින් යුක්ත මව­කගේ ගර්භා­ශයේ තිබූ කිලෝ පහ­ළො­වක් බරැති ගෙඩි­යක් සාර්ථක සැත්ක­ම­කින් ඉවත් කිරී­මට හැකි වූ බව සැත්කම සිදු කළ හම්බ­න්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේ­ෂඥ වෛද්‍ය සමන්ත සම­ර­වි­ක්‍රම මහතා සඳ­හන් කළේය. වීර­කැ­ටිය ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු තිස් අටක් වන එක්දරු මව­කට ඊයේ උදෑ­සන (03) සැත්කම සිදු කර ඇත. මේ වන විට එම මව නිරෝගී සුව­යෙන් පසු­වන බව සැත්කම සිදු කළ වෛද්‍ය­වරු සඳ­හන් කරති. මෙම සැත්කම සිදු කර ඇත්තේ ප්‍රසව හා නාරි විශේ­ෂඥ වෛද්‍ය සමන්ත සම­ර­වි­ක්‍රම සමඟ සහාය වෛද්‍ය­ව­රුන් දෙදෙ­නකු සහ නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු හා හෙද නිල­ධා­රි­නි­යන් තිදෙ­න­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මකි.

වසර ගාණක සිට ටිකෙන් ටික උද­රය ඉදි­මෙ­මින් තිබූ බැවින් ඇය විවිධ වෛද්‍ය­ව­රු­න්ගෙන් ප්‍රති­කාර ලබා­ගෙන ඇත.

උද­රය උසු­ලා­ගත නොහැකි තර­මට ඉදි­රි­යට නෙරා ඒම හේතු­වෙන් හම්බ­න්තොට මහ රෝහ­ලට පැමිණ ප්‍රසව හා නාරි වෛද්‍ය­ව­රයා මුණ­ගැසී තිබේ. ඇගේ රෝගී තත්ත්වය නිසි ලෙස හඳු­නා­ගෙන කඩි­න­මින් සැත්කම සිදු කළ බව විශේ­ෂඥ වෛද්‍ය සමන්ත සම­ර­වි­ක්‍රම මහතා සඳ­හන් කළේය.

මෙම රෝගී තත්ත්වය Fibroid (ෆයි­බ්‍රො­යිඩ්) තත්ත්ව­යක් බවත් පේෂීන් ඉදිමී ගැට­ගැ­සීම හේතු­වෙන් මෙම තත්ත්වය ඇති වන බව ද වෛද්‍ය­ව­රයා සඳ­හන් කළේය. තවත් දින කිහි­ප­යක් ඇය නිසි ප්‍රති­කා­ර­යක් නොගෙන සිටියේ නම් මිය යන්නට පවා ඉඩ තිබුණු බව ද වෛද්‍ය සමන්ත සම­ර­වි­ක්‍රම මහතා කීය.

උද­රයේ යම් යම් වේද­නා­කාරී තත්ත්ව­යන් ඇති වුව­හොත්, එය දිගින් දිග­ටම පවතී නම් විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු ලවා පරීක්ෂා කර ගන්නා ලෙස වෛද්‍ය සමන් සම­ර­වි­ක්‍රම මහතා සියලු මවු­ව­රු­න්ගෙන් ඉල්ලී­මක් ද කළේය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනතා තීන්දුවට හිස නමා ගෙදර ගිය මහින්දානන්ද..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයට සමුදීමට තීරණය කර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය කාලවකවානුව තුළ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads