Global Platform For All Sri Lankans

දුම්රිය වර්ජනය තව දික් ගැස්සෙන ලකුණු

train-strike

 අද (10) දහවල් 12ට පෙර  වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සිය රාජකාරි දුම්රිය ස්ථානයට හෝ ආසන්නම දුම්රිය ස්ථානයකට සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකන බවට   වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අවසන් නිවේදනය අද උදේ නිකුත් කර තිබුණත් එයින් සිදුව ඇත්තේ එම පිරිස කෝපගැන්වීම පමනි.

වැඩ බලන  දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ පවසන්නේ මෙම වැඩවර්ජනය සිදුකරන්නේ  ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී බවත්, එය නීති විරෝධී ක්‍රියාවක් බවත් කියා තිබුනි.

ඊට පිළිතුරු දෙන දුම්රිය වෘත්තීය සංගම් දක්වා ඇත්තේ තමන්ගේ වෘත්තීය ගැටලුවක් මුල් කරගෙන කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් තුළ වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සළකන බවට දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාවරීවරයාගේ අත්තනෝමතක  ප්‍රකාශයට විරෝධය පල කරමින් අද සිට වැඩවර්ජනය අඛණ්ඩව  ක්‍රියාත්මක කිරීමට  සංගමයේ විධායක සභාව තීරණය කළ බවය.

වර්ජනය සියයට 90 කට වැඩියෙන් සාර්ථක බව පැවසූ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පෙරවරුවේ දුම්රිය බලධාරීන්ට ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය 12 ක් පමණ බවද පැවසීය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads