Global Platform For All Sri Lankans

ඩලස්ලා , සජිත්ලා එක මිටට

Dallas-and-Sajith-are-in-one-hand

ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග සන්ධානගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.නිදහස ජනතා සභාව ඊයේ (10දා) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම පිරිස සමගි ජන සන්ධානය සමග සන්ධානගත වන බව ඊයේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතාද තහවුරු කර සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් – මේක අද ඊයේ වුණු දෙයක් නෙවෙයි. දීර්ඝ කාලයක් අපි මේක සාකච්ඡා කරමින් ආවේ විපක්ෂයේ ප්‍රධාන ධාරාව වන සමගි ජන බලවේගයත් එක්ක. මේ සංවාදය තුළ තමයි, අපේ සමහර අය සන්ධාන ගතවීම සිදු කළේ. නමුත් අපි ස්වාධීන, මධ්‍යස්ථ කණ්ඩායමක් විදියට වැඩ කරමින් සිටියා. දැන් මැතිවරණයක් අබියස තිබෙන්නේ රට. අපි සමගි ජන බලවේගය සමග සිදු කළ සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී ඒ පුළුල් දේශපාලන බලවේගයක් ඇතුළේ ජනාධිපතිවරණයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා.

අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑනේ. ඒ අනුව, ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙන් තමයි. දැනටත් සමගි ජන සන්ධානය කියලා පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ වගේම, තවත් පක්ෂ ඉදිරියේදී එන්න නියමිතව තිබෙනවා. ඒ සියල්ල එකතු කරගත් පුළුල් බලවේගයක් කිව්වේ ඒකයි. ඒ බලවේගය ඇතුළේ අපිත් ඉන්නවා.

ප්‍රශ්නය – ඩලස් අලහප්පෙරුම මහත්මයා ප්‍රමුඛ නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානයට එකතු වීම ස්ථිරයිද? පිළිතුර – ස්ථිරයි.

මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතාද මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ආණ්ඩුවේ, ජනාධිපතිතුමාගේ සුබ ආරංචිය ලප් තැනම ලොප් වෙන වෙලාවක විපක්ෂනායකතුමා ඇතුළු අපේ සමගි ජන සන්ධානයට නම් සුබ ආරංචි දවසින් දවස එනවා. 2022 ජූලි 20 වැනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ චරිත හේරත්, ගුණපාල රත්නසේකර, ලලිත් එල්ලාවල ඇතුළු හොරු නොවන අවංක කෘතහස්ත දේශපාලඥයෝ දැන් අපේ සන්ධානයට එකතුවෙමින් පවතිනවා. ඒ වගේම, මම ආරාධනා කරනවා මේ පාර්ලිමේන්තුවෙත් ආණ්ඩුවේ ඉන්න අවංක, හොරු නොවන දූෂිත නොවන දේශපාලඥයන්ට මේ ජයග්‍රාහී ගමනට එක්වන්න කියලා. ඒ වගේම, මේ පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න ඒ අවංක දේශපාලඥයන්ටත් මම ඒ ආරාධනාව කරනවා.”
දිනේෂ් සමරකෝන්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads