අප සියලුදෙනාම මරණය කරා යන්නේ අපගේ දෛවය අනුව ඉරණම තීන්දු කරමින් බව නොරහසක්..
මවකගේ හා පුතකුගේ නික්ම යෑම පසුගිය දිනක ලංකාවේදී හා ඕස්ට්‍රේලියාවේදී එකම දින සිදුවුවාය.
කැලණිය, පෙතියගොඩ, මාවැල්ල පාරේ, අංක 349 නිවසේ විසු පුතු මීට දිනකට පෙර අභාවප්‍රාප්ත වූයේ ඕස්ට්‍රේලියාවේදී රැකියාවක් කරන අතරතුර ය.
හර්ෂණ ශ්‍රී මධුසංඛ පුතුගේ අවසන් කටයුතු අද(14) මෙල්බර්න් නුවරදී සිදුකිරීමට කටයුතු යොදා තිබියදී ඔහුගේ මවද හදිසියේ මෙලොවින් සමුගෙන තිබෙනවා.
ඩේසි වෛජයන්ති කෙලී නම් වූ මධුසංඛ පුතුගේ මෑණියන් ද අද තම පුතු නික්ම යන දිනම ඇගේ අවසන් කටයුතු කැලණිය, පිලපිටිය ආදාහනගාරයේදී සිදු කරනුයේ අප කාටත් උරුම අනිත්‍ය පසක් කරමිනි.
මෙලොවින් නික්ම යනවිට පුතුගේ වයස අවුරුදු 40කි. මව මියයන විට 68 වැනි වියේ පසුවූවාය.
Author: Lanka Hit News
Post Views: 183