සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් , දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව අද (20) දිනය සදහා වන කාලගුණ නිවේදනයේ සදහන්.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් බලාපොරොත්තු වෙනු ඇති.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකියි.
Author: Lanka Hit News
Post Views: 50