අමෙරිකානු ජනාධිපති අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි තැබීමට සුදුසුම ස්ථානය හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන යානාවක් උපයෝගී කරගෙන ඇති බව විමර්ශනයකින් හෙළි වී තිබෙනවා.
පසුගිය ජූලි 13 වනදා පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැලියක් අමතමින් සිටියදී, තෝමස් මැතිව්ස් කෲක්ස් නම් 20 හැවිරිදි තරුණයෙක් ට්‍රම්ප් ට වෙඩි තැබුවා.
ඉන් ට්‍රම්ප් ගේ දකුණු කන සිදුරු වූ අතර, වෙඩි වැදී ඔහුගේ රැලියට පැමිණ සිටි 50 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියා.
Author: Lanka Hit News
Post Views: 52