Global Platform For All Sri Lankans

සුළුවෙන් හිතන්න එපා , මේක සෞඛ්‍ය අවදානමක්..

 

නින්දෙන් ගොරවන ස්වාමි පුරුෂයෙක් ඔබටත් ඉන්නව නම්, ඊට එහා පැත්තෙන් වැතිරිලා සුව නින්දක් බලාපොරොත්තු වෙන ඔබට නම් ඒ ගෙරවිලි සද්දෙ කොච්චර ලොකු බාධාවක්ද කියලා අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනෙ.

හැබැයි, නින්දෙන් ගෙරවීම පිටිපස්සෙ තියෙන සෞඛ්‍ය ගැටළු ගැන හරිහැටි අවබෝධයක් ලබා ගත්තොත් නම්, නින්දෙන් ගෙරවීම ඔබේ නින්දට බාධාවක් පමණයි කියලා ඔබ තවදුරටත් සුළුවෙන් හිතන්නෙ නෑ කියලා නම් අපිට විශ්වාසයි.

නින්දෙන් ගෙරවීම ගැන ඔබ දැනගත යුතු සියළුම දේ ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ.

නින්දෙන් ගෙරවීම කියන්නෙ මොකක්ද?

ගෙරවීම කියන්නෙ නිදාගෙන සිටින විට ශබ්ද නඟමින් හුස්ම ගැනීමයි.

වැඩි වශයෙන් පිරිමින් සහ අධික බර ඇති පුද්ගලයන් අතර දැකගන්න ලැබුනත් ඕනෑම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් බොහොම පොදු තත්වයක් තමයි නින්දෙන් ගෙරවීම කියන්නෙ.

වයසින් වැඩිවෙත්ම නින්දෙන් ගෙරවීම වැඩිවෙන බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ.

වරින් වර කාලෙන් කාලට නින්දෙන් ගෙරවීම ගැටළුවක් නෙමෙයි. ඒ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත්, දීර්ඝකාලීනව පවතින නින්දෙන් ගෙරවීම ඔබේ සුවදායී නින්දට වගේම සමහර විට ඊට වැඩියෙන් ඔබේ සහකරුගේ නින්දට දැඩි බාධා ඇතිකරන්න වගේම ප්‍රතිකාර ගතයුතු රෝගී තත්වයන් ගැන ඔබට ඉඟි ලබාදීමකුත් කරනවා.

දැන් අපි බලමු ගෙරවීම ඇතිවෙන්න හේතු මොනවද කියල?

නින්දෙන් ගෙරවීම ඇතිවීමට හේතු
ඔබේ මුඛය සහ නාසය හරහා වාතය ගමන් කිරීම අවහිර වූ විට ගෙරවීම ඇතිවෙනවා.

මේ විදිහට නාසය සහ මුඛය හරහා වාතය ගමන් කිරීමට බාධා ඇතිකරන කරුණු කීපයක් තියෙන්න පුළුවන්.
එවැනි හේතු ලෙස,
සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් රෝග, උණ වගේ අසනීප තත්වයන් නිසා ඇතිවෙන නාස් මාර්ගයේ අවහිරතා
නාස් පුඬුව අනෙක් නාස් පුඬුවෙන් වෙන්කරන බිත්තියේ පිහිටීමේ උපතින්ම පිහිටන වෙනස්වීම්

උගුරේ හා දිවේ මාංශපේශී ලිහිල් වී ස්වසන මාර්ගයේ අවහිරතා ඇති කිරීම
අධික බර නිසා උගුරේ පටක විශාල වීම නිසා උගුරේ අතිවන අවහිර වීම්
දිගු සහ මෘදු තල්ලක් පිහිටීම නිසා නාසය හා උගුර අතර මාර්ගය පටු වීම
මත්ද්‍රව්‍ය භාවිතය නිසා ස්වසන මාර්ගයේ පේශී වල ඇතිවෙන ලිහිල් විම
උඩු අතට නිදා ගැනීම
නිසි පරිදි අවශ්‍ය නින්ද නොලැබීම නිසා උගුරේ මාංශපේශී වලට අවශ්‍ය විවේකය නොලැබී මාංශපේශී දුර්වල වීම සහ වෙහෙසට පත්වීම
හඳුනාගන්න පුළුවන්.

දැන් අපි බලමු නින්දෙන් ගෙරවීම සඳහා තිබෙන ප්‍රතිකාර මොනවද කියලා…

හඳුනාගැනීම සහ ප්‍රතිකාර
ඔබ නින්දෙන් ගොරවන බව ඔබේ බෝඩිම් කාමරය ඔබ සමඟ බෙදාගන්න මිතුරන්, ඔබේ දෙමව්පියො එහෙමත් නැත්නම් ඔබේ සහකරු හෝ සහකාරිය අනිවාර්‍යෙන් පවසාවි.

කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ තත්වයන් සමඟ ඇතිවෙන කෙටි කාලීන නින්දෙන් ගෙරවීමේ තත්වයන් නම් ඒ ආසාදිත තත්වයන් සුව වූ පසු නවතිනව වුනත් දීර්ඝකාලීනව ඇතිවෙන නින්දෙන් ගෙරවීමේ තත්වයන් සඳහා නම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරනවා.

ඔබේ වෛද්‍යවරයා විසින් ඔබේ ස්වසන මාර්ගය අවහිර වීමට බලපෑ හේතු හඳුනාගැනීම සඳහා බාහිර ශාරීරික පරීක්ෂාවක් වගේම X – Ray, MRI හෝ CT Scan පරීක්ෂණ සිදුකරන්න ඔබට නිර්දේශ කිරීමක් කරන්නත් පුළුවන්.

ඒ වගේම සමහර විට නින්දේදී ඔබේ හෘද ස්පන්දනය, හුස්ම ගැනීම සහ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කරන polysomnography පරීක්ෂාවක් නිර්දේශ කරන්නත් පුළුවන්.

දැන් අපි බලමු නින්දේදී ගෙරවීම සඳහා තිබෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියල.

ජීවන රටාවේ වෙනස්කම්

උසට ගැළපෙන නියමිත ශරීර බර පවත්වා ගැනීම, දුම්බීමෙන් වැළකීම සහ නින්දට පෙර මත්පැන් පානයෙන් වැළකීම.

නිවැරදි ඉරියව් පවත්වා ගැනීම

උඩු අතට නිදා ගැනීමෙන් වැළකී පැත්තට හැරී හිස උස්කර තබා නිදාගැමීමෙන් ඔබේ ස්වසන මාර්ගය අවහිර නොවී පවත්වා ගන්න හැකියාව ලැබෙනවා.

ශෛල්‍යකර්ම
ඔබේ නාස් පුඬු වෙන්කරන බිත්තිය සැකසීම, උගුරේ එල්ලා වැටෙන මාශපේශී ඉවත්කර සැකසීම වැනි ශෛල්‍යකර්ම කරන්නත් ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන්න පුළුවන්.

ආසාදන සුවවීම්, ජීවන රටාවේ සහ ඉරියව් වල ඇතිකරන්නා වෙනස් වීම් වලින් පසුවත් දීර්ඝකාලීනව නින්දෙන් ගෙරවීමේ තත්වය පැවතුනොත් ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට ආදරෙන් මතක් කරන්න කැමතියි.

( උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්..)

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

Top Headlines

ගෙයින් ගෙට යන්න සැරසෙන නාමල්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads