Global Platform For All Sri Lankans

” ඇඟට ගුණ නැති බෙහෙත් බිව්වොත් ඉවරයි, නැවත ගොඩගන්න බැහැ..” ජනපති රනිල්

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබාදීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (06) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති දේශීය වෛද්‍ය සමුළුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා…

“2022 වසරේදී සුව කිරීම සඳහා මටත් ලෙඩෙක් භාර දුන්නා. පළමුව හඳහන බලන්න වුණා. ඉන්පසුව කෙසේ හෝ පත්තුවක් බැන්දා. තිත්ත කසාය දෙන්න වුණා. වසර දෙකක් ගත වන විට දැන් ලෙඩා නැගිටලා ඉන්නවා.

දැන් සුදුසුකම් නැති වෙදෙක් ඇවිත් සුව වු ලෙඩාව නැවත ලෙඩ කරන්න උත්සාහ කරනවා. ඔවුන් දෙන්න හදන බෙහෙත ඇගට ගුණ නැහැ. බිව්වොත් ඉවරයි. නැවත ගොඩගන්න බැරි වෙනවා. ඒ නිසා සුව වු ලෙඩා එම බෙහෙත බොනවද නැද්ද කියා තීරණය කළ යුතුයි. ඒ නිසා අපේ බලාපොරොත්තුව ලෙඩාව අවධානමේ නොදමා තවත් සුවපත් කර ගැනීමයි.

රටකට මෙවන් ලෙඩක් හැදුණු විට ලෙහෙසි පහසු නැහැ. ලෙඩාව සුව කරන්න අපිට පිටිනුත් වෛද්‍යවරුන් ගෙන එන්න සිදු වුණා. වොෂින්ටන් නුවරින්, ටෝකියෝ ඇතුළු රටවල් 18කින් අපි වෙද මහත්වරු ගෙනාවා. අසීරුවෙන් ඖෂධ දී රෝගය සුවපත් කරගත් විට එක් අයෙක් පැමිණ කියනවා මම මේ ඔක්කොම වෙදකම් දන්නවා කියලා. ඔහු දෙන්න හදන බෙහෙත් වට්ටෝරුව දිහා බැලුවම බය හිතෙනවා. ඒ පිළිබඳ තීරණය අද රටට ගැනීමට තිබෙනවා.

මට මෙම සමුළුවට ආරාධනා කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. ඔබ සියලුදෙනා මෙහිදී ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අප සාකච්ඡා කරනවා. ”

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads