ඔබේ දරුවා සුරක්ෂිතද..?
මේ ගැන දරුවන් දැනුවත් කරන එක මොන තරම් නම් වැදගත්ද කියලා අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ..
කොහොම වුණත්, වැඩිහිටියන් හැම කෙනෙක්ම මේ සම්බන්ධව අවධානය යොමුකරන එක ඉතා වැදගත්..
බාල වයස්කරුවන්ට ලිංගික අතවර කිරීමේ සිදුවීම් 290ක් ගත වූ මාස 6ට ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා..
මේ වසරේ ජනවාරි සිට ජුනි තෙක් ගත වූ, මාස හයක කාලය තුළ මෙම පැමිණිලි ලැබුණු බවයි ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ..
මෙවැනි පැමිණිලි කොළඹ දිස්ත්රික්කයෙන් බහුලවම ලැබෙන බවද වාර්තා වෙනවා.
ගම්පහ දිස්ත්රික්කයෙන් දෙවනුව වැඩි පැමිණිලි ද, කුරුණෑගල දිස්ත්රික්කයෙන්ද පැමිණිලි රැසක් ලැබෙන බව ද වාර්තා වනවා..
Author: Lanka Hit News
Post Views: 81