වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊයේ (13) රාත්‍රී 9ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වන්නේ.
මෙලෙස වෙඩි තබා ඇත්තේ 26 හැවිරිදි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වෙන අතර, වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් 03ක් විමර්ශන සිදුකරනු ලබනවා.
No commnets