Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000055376.jpg

News

March 14, 2025 , Published 06:57 pm ,
0
0
2 views

පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක පිපිරීමක්..

  • newsLankahit news
  • 2 views
  • 0 comments

වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට ආරක්ෂ අංශ පවසා ඇත්තේ තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බවයි.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ අබ්දුල්ලා නදීම් නැමැති ජමියත් උලේමා ඉස්ලාම්-ෆාසල් (JUI-F) නම් දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු බව සඳහන් 

ප්‍රහාරය කවුරුන් විසින් සිදුකර ඇතිත යන්න මෙතෙක් අනාවරණය වී නෑ.

පසුගිය කාලයේ ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන දේශසීමා ප්‍රදේශවල ප්‍රහාර උත්සන්න වෙමින් පැවතුණා.

පසුගිය මාසයේ ද වයඹදිග පකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හයදෙනෙකු මියගොස් තිබුණා.

පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමඟ බලොකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් විසින් පසුගිය දා පැහැරගෙන තිබුණා.

පසුව ආරක්ෂ අංශ සහ බෙදුම්වාදී අතර ඇති වු වෙඩි හුවමාරුවේදී සටන්කාමීන් 33 දෙනෙකු සහ ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු ද මියගොස් තිබුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.