පස් කන්දක් කඩා වැටීම නිසා වැල්ලවාය සහ ඇල්ලට යන්න විකල්ප මාර්ග භාවිත කරන්න - පොලිසිය
ඊයේ (13) පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී තිබෙනවා.
එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව, ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී - බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැකියි.
එමෙන්ම වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී - වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව ඇති බවයි පොලිසිය පවසන්නේ.
No commnets