ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.
එහි කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග පැවසුවේ, අනාරක්ෂිත හා ජනශුන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසාදැමීම සහ ආරක්ෂාව තහවුරුවන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත්, රාත්‍රී සේවා මුරවල යෙදී සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහනුවරදී සඳහන් කළා.
No commnets