Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000055173.jpg

News

March 14, 2025 , Published 04:22 pm ,
0
0
3 views

නවසීලන්ත කාන්තා පිල පැරදූ ශ්‍රී ලංකා කාන්තා පිලට පළමු තරගයේ ජය

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

සංචාරක ශ්‍රී ලංකා - නවසීලන්ත කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අද (14) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්.

අද තරගයේ පළමුවෙන් පන්දුවා පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් තුල කඩුලු සියල්ල දැවී ලකුණු 101ක් රැස් කළා.

එහිදී, Emma McLeod ලකුණු 44ක්ද, නායිකා Suzie Bates ලකුණු 21ක්ද, Jess Kerr ලකුණු 10ක්ද රැස් කළ අතර, අනෙකුත් කිසිඳු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට හැකි වුණේ නැහැ.

පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුළු 03ක්ද, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවීශා දිල්හාරි කඩුළු 02 බැගින්ද, සුගන්ධිකා කුමාරි මෙන්ම චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 102ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 01 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී, නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 64ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 07ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 02ක්ද, කවීශා දිල්හාරි ලකුණු 12ක් සහ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 12ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.