Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 21, 2025 , Published 07:27 am ,
0
0
19 views

ලාඕසයට එරෙහි සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට..

  • newsLankahit news
  • 19 views
  • 0 comments

 

ලාඕසයට එරෙහි සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාව හිමි වුණා. 
 
මෙම තරගය ලාඕසයේ නව ජාතික පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. 

එහි ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරගයේ 17 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ගෝලය රැස් කිරීමට සමත් වුණා. 

ඒ අනුව, ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ගෝල 1ට 0ක් ලෙසයි.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ගෝලය රැස් කළා. 

සත්කාරක ලාඕසය පළමු සහ එකම ගෝලය රැස් කළේ, තරගයේ නියමිත කාලය අවසානයේදී ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේදීයි.

ඒ අනුව, ගෝල 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.