Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 25, 2025 , Published 01:22 pm ,
0
0
6 views

සෝලා විදුලි ඒකක සඳහා ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාවක්..

  • newsLankahit news
  • 6 views
  • 0 comments


පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා. 

ඒ අනුව, ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා ස ඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන් සංශෝධනය කර ඇති අතර උත්පාදනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණයට අනුව එම මිල ගණන් වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා. 

මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතයි. 

කිලෝවොට් 20ට අඩු උත්පාදනය කරන සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19ක ගෙවීම සිදුකරන අතර කිලෝවොට් 20ත් 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් ද කිලෝවොට් 100ත් 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක මුදලක් ද ගෙවීමට යෝජනා කර ඇති බව ද සඳහන් වනවා. 

කෙසේවෙතත්, මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.