Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 21, 2025 , Published 06:04 pm ,
0
0
5 views

දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට මාරු කරයි

  • newsLankahit news
  • 5 views
  • 0 comments

 

2023 වසරේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුලු සෙසු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේදී කැදවීමට නියමිතව තිබෙනවා.

අභියාචනාධිකරණයේදී ඇති කරගත් එකගතාවය මත මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගැනීමටත් නීතිපතිවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුගියදා නිවේදනය කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර පසුගියදා නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඉන් එක් සැකකරුවෙකු මේ වන විට විදේශ ගත වී ඇති බව සදහන්.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත ගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ රාත්‍රියේ දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා. 

පෙරේදා අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පොලිස්පතිවරයා ඊයේ දිනය දක්වා රදවා තබනු ලැබුවේ අගුණුකොළපැළැස්ස බන්ධනාගාරයේයි ඊයේ ඔහු යළි මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.

 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.