එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද රාත්‍රියේ කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිරව තිබෙනවා.
මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිරව තිබෙනවා.
පාළම කඩා වැටීමෙන් මගීන් කිසිවෙකුට හානියක සිදුව නොමැති අතර දුම් රිය මාර්ගය මතට සුන්බුන් පතිත වී තිබෙනවා.
දුම් රිය මාර්ගයට පතිතවී ඇති සුන්බුන් ඉවත් කිරීමට දුම් රිය සේවකයින් කැදවා තිබුණා.
පාළම කඩාවැටීමත් සමගින් ප්‍රදේශයේ විදුලි බලය ඇනහිට ඇති අතර,විදුලි පෞද්ගලික සේවකයින් ඒය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළා.
දුම් රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා මගීන් විකල්ප මාර්ග වලින් යොමුකිරීමට කටයුතු කළ බවද සඳහන්.
No commnets