Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 27, 2025 , Published 07:40 am ,
0
0
1 views

සිරි දළදා දැක්ම යොදා මූල්‍ය වංචාවක් කළ බවට සුදත්තට චෝදනා..

  • newsLankahit news
  • 1 views
  • 0 comments

 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා 'සිරි දළදා දැක්මට' පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සහ කරුණු ඉදිරිපත් කළා. 

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට සම්බන්ධ වූවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලි කර තිබෙනවා. 

ලබන මස ආරම්භ වීමට නියමිත මෙම සිරි දළදා දැක්මට පැමිණෙන සැදැහැවතුන්ට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලකසිරි නැමැත්තා පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි ඔවුන් වැඩිදුරටත් චෝදනා කර තිබෙනවා. 

මේ අතර ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ(26) පෙනී සිටියා. 

ඒ මීට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුවයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.