කුවේට් රාජ්‍යයේ සිරදඩුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු අද මෙරටට රැගෙන ආවා.
ඒ කුවේට් රජය සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුමකට අනුවයි.
එම ගිවිසුම අනුව එරට අධිකරණයෙන් ඔවුන්ට හිමිව ඇති දඬුවම මෙරටදී ගෙවීමට ඔවුන්ට සිදුවන බවයි
විදේශීය රටවල සේවය නියුතුව සිටියදී සිදු කළ විවිධ අපරාධ හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් එම රටවල් සමඟ ශ්‍රී ලංකා රජය ගිවිසුම්ගතව සිටිනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ තායිලන්තය, පාකිස්ථානය, මාලදිවයින, එංගලන්තය, අයර්ලන්තය, කුවේට් සහ චෙක් ජනරජය ඇතුළු රටවල් රැසක් සමඟ ශ්‍රී ලංකාව එම ගිවිසුමට එළැඹ ඇති
බවයි.
ඒ අනුව මෙරට සිටින විදේශීය සිරකරුවන් එම රටවලට පිටත්කර හරින අතර එම රටවල සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් වරින් වර ගෙන්වාගැනීම සිදුකරනවා.
එලෙස කුවේට් රජය සමඟ පවතින ගිවිසුමට අනුව එරට සේවය කරමින් සිටියදී සිදුකළ වැරදි හේතුවෙන් බන්ධනාගාර ගතකළ ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු අද මෙරටට රැගෙන ආවා.
ඒ කුවේට් ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින්.
අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පැවසුවේ මෙරටට භාරදුන් එම ලාංකිකයින් සියලු දෙනා මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ අත්අඩංගුවට පත් ව සිරදඬුවම්
විදිමින් සිටි අය බවයි.
ඔවුන්ගෙන් 11 දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමි වු අය ද වනවා.
කුවේට් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙරට බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදුන් එම සිරකරුවන් 20 දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවා.
අදාළ ගිවිසුම අනුව එරට අධිකරණයෙන් ඔවුන්ට හිමිව ඇති දඬුවම මෙරටදී ගෙවීමට ඔවුන්ට සිදුවන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ
මෙම පිරිස කුවේට් රජයේ සිර දඬුවම් විඳිමින් සිටියදී මෙරටට භාරදුන් දෙවැනි කණ්ඩායම වන අතර, පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදාද 32 කුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට රැගෙන එනු ලැබුවා.
එමෙන්ම, මෙරට දී බන්ධනාගාර ගත කළ පාකිස්ථාන, ඉරාන සහ චෙක් ජනරජය යන රටවල සිරකරුවන් පිරිසක් ද මීට පෙර එම රටවලට භාරදී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවා.
No commnets