Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 25, 2025 , Published 09:05 pm ,
0
0
2 views

පළමු ශ්‍රේණියට දරුවන් අඩුවෙලා..

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින හෙයින් දැනට පවතින පාසල් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත කලාප කිහිපයක් උපයෝගී කර ගනිමින් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඒකාබද්ධ කළ හැකි මෙන්ම වසා දැමිය හැකි හුදකලා පාසල් සම්බන්ධයෙන්ද තොරතුරු ලබා ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණු වෙයි. සිසුන්ගේ අඩුවීම සැලකිල්ලට ගෙන කොළඹ දිස්ත්‍රික්කයේම පාසල් කිහිපයක් වෙනත් ප්‍රධාන පාසල්වලට දැනටම ඒකාබද්ධ කර තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 4878කින් අඩු වී තිබෙන අතර ඉදිරි වසරවලදී තවදුරටත් ඇතුළත්වීම් අඩුවනු ඇතැයි අමාත්‍යාංශය උපකල්පනය කර ඇත. මීට හේතු වී ඇත්තේ උපත් අනුපාතය අඩුවීම මෙන්ම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට සිසුන් ඇතුළත්වීමේ වර්ධනය ලැබීමය. පෙර වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත්වීම් 292517ක් වූ අතර එය පසුගිය වසරේදී 287639ක් දක්වා පහළ වැටී තිබේ.

අමාත්‍යාංශයේ අලුත්ම දත්ත අනුව සිසුන් දහයට අඩු පාසල් සංඛ්‍යාව පන්සියයද ඉක්මවා තිබේ. ඒ අතර එක් සිසුන් දෙදෙනෙක් පමණක් සිටින පාසල්ද වෙයි. පෙර වසරේ පාසල් සංඛ්‍යාව පසුගිය වසර වන විට පාසල් තිහකින් අඩු වී තිබේ. මේ වන විට පවතින පාසල් සංඛ්‍යාව 10096කි. පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ශිෂ්‍ය ජනගහනය 80909ක් අඩු වී තිබේ. පෙර වසරේ සිසුන් සංඛ්‍යාව 3969597ක් වූ අතර පසුගිය වසර වන විට එම සංඛ්‍යාව 3882639ක් දක්වා අඩු වී ඇත.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.