Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 27, 2025 , Published 05:28 pm ,
0
0
1 views

ලක්ෂ දහයකට වැඩිය ගිහිල්ලා තියෙනවා ඒ මූණ හදන්න

  • newsLankahit news
  • 1 views
  • 0 comments


මාතර - දෙවුන්දර ප්‍රදේශයේ සිදු වූ ටෙඩි තැබීමෙන් මියගිය පසිඳු නාරක නමැති තරුණයාගේ සොයුරිය සිය සොයුරාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළා.

එහිදී ඇය පවසා සිටියේ මෙවැනි අදහසක්.

''මගේ මල්ලී මාතර සෙන් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනගෙන රුසියාවේ කැම්පස් එකකින් ඩිග්‍රියක් අරගෙන නැවතත් ලංකාවට ඇවිල්ලා හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. දැනට විදුලිබල මණ්ඩලයේ සේවය කරේ. ටික දවසක ඉඳන් මේ යාළුවොත් එක්ක ඇසුරු කළා. එයා දන්නේ නැහැ මෙච්චර ඒ යාළුවා ඇසුරු කළාට එයාගේ ජීවිතේට තර්ජනයක් වෙයි කියලා. එයා නොදැනුවත්කමට තමයි එදා බයික් එකේ නැගලා ආවේ. නිකරුණේ එයා නොදන්න දේකට එයාව අඳුරගන්නේ නැතුව මේ වෙඩි වැදුණා කියලා තමයි අපි දන්නේ. කවදාවත් ඔලුවක් උස්සලා පාරෙදි යන කොට බලන්නේ නැහැ මූණක්. ඒ තරම් අහිංසක ළමයෙක්ට මේ වගේ දෙයක් වුණේ. තාත්තා තාම ගොඩබිමට ආවෙත් නැහැ. තාත්තා ගොඩබිමට එන කොට තව දවසක් දෙකක් ගතවෙයි. අක්කා කෙනෙක් විදියට අපි කොහොමද ජීවත් වෙන්නේ? අපිට හරි අමාරුයි.

අපි මේ දරාගත්ත දේවලුත් දරාගන්න. මේ ටික දරාගන්නෙත් බොහොම අමාරුවෙන්. මල්ලිගේ බොඩි එකේ මම හිතන්නේ ගන් ෂොට් තිබුණා ඔළුවේ පිටි පැත්තෙන් වැදිච්ච එක, වම් ඇහැක ගලවගෙන බිමට වැටෙන්න වැටෙන්න. කන් දෙක එයාගේ කන් දෙකේ ලස්සන කරාබු දෙකක් තිබුණා. කරාඹුවත් කඩාගෙනම ඇහැත් ගලවන් බිමට වැටෙන තරමට ෂොට් එක වැදිලා තිබුණා. ඒකෙන් තමා එයා නැති වෙන්න ඇත්තේ. ඇඟේ තිබුණා වෙඩි උණ්ඩ මං හිතන්නේ. දාහතක්, දහ අටක් වගේ. ඌර බාහුව කැඩිලා තිබුණා. මැණික් කටුව ගාවින් කැඩිලා තිබුණා. ඉනට එකක් වැදිලා තිබුණා.එයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයා ලස්සන සුදු බෝලයක් වගේ කෙනෙක්. නමුත් එයාගේ වම් ඇහැත් එක්ක සම්පූර්ණයෙන්ම මූනේ වම් පැත්ත. කන ඉඳලා එයාට නැතිවෙලා තියෙනවා ඒ වලින්. මං හිතන්නේ ඔලුවට වෙඩි හත අටක් නමයක් වගේ වැදිලා තියෙනවා. ඒක නිසා එයාගේ මුහුණ විකෘති වෙලා අපි අපිට පුළුවන් උපරිම උත්සාහය දරලා ලොකු වියදමක් දරලා. එයා කැමති නැහැ කැතට ඒ විදිහට අපි ගොඩක්ම උත්සාහ ගත්තා එයාගේ තිබුණු විදිහටම හදන්න. අපිට පුළුවන් උපරිමයෙන්ම කරා අපි. . මුද්‍රා තියලා ගේන්න කැමති උන් නෑ. ඒක නිසා අපි පුළුවන් උපරිමයෙන්ම වියදම් කරලා මූණ හැදුවා. ලක්ෂ දහයකට වැඩිය ගිහිල්ලා තියෙනවා එයාගේ ඔය මූණ හදන්න. සම්පූර්ණයෙන්ම වම් ඇහැ බිමට වැටිලා තිබුණේ. වම් ඇහැ අපි ඇහිඳලා දුන්නේ. ඒ කියන්නේ අපි කැමති නැහැ. අපි අන්තිම මොහොතේ එයාව හරියටම අපිට මූණ දකින්න බැරි වුණානේ.''

මෙම ඝානයෙන් මියගිය යොමේෂ් නදිෂාන්ගේ අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙරේදා සිදු කෙරුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.