වාරියපොළ ජෙට් යානා අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පත්කළ සත් පුද්ගල කමිටු වාර්තාව මෙතෙක් ලැබී නොමැති බැවින් අනතුරට නිශ්චිත හේතුව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පවසනවා.
ඒ, මෙම අනතුරට හේතුව පුහුණු නියමුවන් දෙදෙනාගේ අත්වැරැද්දක් බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කර ඇති පසුබිමකයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටුණේ පසුගිය 21 වැනිදායි.
එහි ගුවන් නියමුවන් දෙදෙනා එම අවස්ථාවේ පැරෂුට් මගින් යානයෙන් ඉවත් වීම හේතුවෙන් ඔවුන්ට බරපතල තුවාල සිදුවූයේ නැහැ.
අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් සත් පුද්ගල කමිටුවක් ද පත් කළ අතර යානය ගුවන්ගත වූ මොහොතේ සිට අනතුරට පත් වූ අවස්ථාව දක්වා වූ සියලු තොරතුරු අන්තර්ගත වී තිබූ SVR පද්ධතිය ද සොයාගත්තා.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 23 වැනිදා සඳහන් කළේ මෙම K8 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානය කඩාවැටුණේ පුහුණු නියමුවන් දෙදෙනාගේ අත්වැරදීමක් හේතුවෙන් බවයි.
කෙසේවෙතත් අප කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පත්කළ සත් පුද්ගල කමිටු වාර්තාව මේ වන තෙක් ගුවන් හමුදාව වෙත ලැබී නොමැති බවයි.
එබැවින් අනතුරට නිශ්චිත හේතුව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
කඩා වැටුණු පුහුණු ගුවන් යානය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
No commnets