ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කරන “ප්‍රදීප ප්‍රණාම" සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් මේ මස 27 වැනිදා බ්‍රහස්පතින්දා සවස 6.30 ට බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වේ.
මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සම්මානයක් වන අතර මෙවර සම්මාන උළෙලේ තේමාව වන්නේ ‘විද්වත් අභිනන්දන’යන්නයි.
මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම අභ්‍යන්තර උපාධිය ලබා, රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් ව්‍යවසායකයන් , කලාකරුවන් , සාහිත්‍යධරයන් , විද්වතුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දොපාර්තමේන්තු ප්‍රධානීන්, විශිෂ්ටතම ක්‍රීඩා නායකයන් , විදේශීයව රට වෙනුවෙන් කීර්තිය ලබාදෙමින් සේවය කරන විද්වතුන්, අධ්‍යාපනඥයන් පර්යේෂකයන් හා ආගමික හා සාමාජීය මෙහෙවරේ යෙදෙන්නන් ආදී විශිෂ්ටයන් රැසකට සම්මාන පිරිනැමේ.
එම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියන්. උප කුලපති ම්හාචාර් ය පත්මලාල මානගේ මහතා, පීඨාධිපතිවරු, ජපුර සරස්වි ප්‍රජාව ප්‍රමුඛ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වෙති.
No commnets