Global Platform For All Sri Lankans

Lanka Hit News

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තවත් සහනයක්

 

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල පිහිටි තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි ඩිජිටල් පහසුකම ආරම්භ කිරීම ඊයේ(06) සිදු කෙරුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් ලෙසින්.

විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මෙම ‍වෙබ් අඩවිය අමාත්‍ය විජිත හේරත් විසින් විවෘත කළ බව සඳහන්.

තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙම අවස්ථාව උදා වනු ඇති.

මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads