මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 04කගේ දීමනාව එළඹෙන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
එසේම දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට තිබූ අවදානමට ලක්වූ ප්‍රතිලාභීන් ලක්ෂ 04කගේ දීමනා තවත් වසරකින් දිර්ඝ කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
තවද, ලක්ෂ අටක පිරිසකට ලබා දුන් රුපියල් 8,500ක අස්වැසුම සහන දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අන්ත දිළිඳු කාණ්ඩයේ ලක්ෂ හතරක පිරිසට ලැබුණු රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වා වැඩි කර තිබෙන බව ද මෙහිදී සඳහන් වීම විශේෂත්වයක්.
Author: Lanka Hit News
Post Views: 292