Global Platform For All Sri Lankans

Lanka Hit News

චීන විදේශ ඇමතිගේ නව වසරේ පළමු විදෙස් සංචාරය අප්‍රිකානු කලාපයට

චීන-අප්‍රිකා සහයෝගීතා සංසදය සමඟ වැඩි කාර්යභාරයක් ඉටු කොට ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට අප්‍රිකානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ ඇමතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊයේ( 7) කොංගෝ ජනරජයේ බ්රසාවිල් අගනුවරදී එරට ජනාධිපති Denis Sassou Nguesso මහතා හමුවීමෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා මේ බව පැවසුවේ.

බෙයිජිං සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ සම සභාපති රටවල් දෙකක් වන චීනය හා කොංගෝ ජනරජය සතුව ඇති සැලසුම් කුමක් දැයි එහිදී මාධ්‍යවේදියෙකු විමසා තිබෙනවා.

තම මෙම සංචාරයේ අරමුණ සංසද සහයෝගීතාවයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කොංගෝ ජනරජය සමඟ එකඟතාවන්ට පැමිණීම බවයි ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් වං යී මහතා කියා සිටියේ.

එහිදී වං යී මහතා එහිදී පෙන්වා දුන්නේ චීනය සහ අප්‍රිකාව සංවර්ධන උපායමාර්ග සහයෝගීතා සහ රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කරමින් චීන-අප්‍රිකා මිත්‍ර සහයෝගීතාවයේ ජීවගුණය අඛණ්ඩව පෝෂණය කළ යුතු බවයි.

අප්‍රිකා රටවල ආනයනයන් සම්බන්ධයෙන් 100%ක ශුන්‍ය රේගු බදු පැනවීම මනාව ක්‍රියාත්මක කළ යුතු අතර අනෙකුත් ප්‍රධාන චීන-අප්‍රිකා ව්‍යාපෘති මනාව ප්‍රවර්ධනය කළ යුතු බව ද වං යී මහතා අවධාරණය කළ බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

2026 සිට පාසල් වාරය නිවැරැදිව පවත්වනවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads