විදුලි බිල අඩුකිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට අද(06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ , මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවයි.
එසේම, කොපමණ ප්රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අවසන් ගණන් තැබීම් මේ වන විට සිදු කර තිබෙන බවද වාර්තා වනවා.
සංශෝධිත යෝජනාවලිය භාර දීමෙන් පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගනු ඇති බවද සඳහන්.
ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කිරීම සඳහා මීට පෙර යෝජනාවලියක් ඉදිරිපත් කළද එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම පසුගිය දා දැනුම් දී තිබුණා.
ඒ අනුවයි , නව සංශෝධිත යෝජනාවලිය ඉදිරිපත් කෙරුණේ.
Author: Lanka Hit News
Post Views: 13