Global Platform For All Sri Lankans

ප්‍රබෝවෝ ඉන්දුනීසියානු ජනාධිපති ධුරයට පත් වෙයි..

ඉන්දුනීසියාවේ ප්‍රබෝවෝ සුබියන්ටෝ ලෝකයේ තුන්වන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයේ ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගෙන තිබෙනවා.

73 හැවිරිදි හිටපු විශේෂ බළකායේ අණදෙන නිලධාරියා පසුගිය පෙබරවාරි 14 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් 60%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර පසුගිය මාස නවය තුළ බලවත් පාර්ලිමේන්තු සභාගයක් ගොඩනැගීමට කටයුතු කළා.

ඉන්දුනීසියාවේ අටවැනි ජනාධිපතිවරයා ලෙස ප්‍රබෝවෝ එරට පාර්ලිමෙන්තුවේදී දිවුරුම් දුන් අතර, ඉන් පසු නීති සම්පාදකයින් අමතා කියා සිටියේ තමාට ඡන්දය නොදුන් සියලු ඉන්දුනීසියානුවන්ට පවා තමා ජනාධිපති වන බවයි.

ජනපති ප්‍රබෝවෝගේ දිවුරුම් දීමේ උත්සවයට ඔහුගේ ප්‍රතිවාදියා ලෙස කටයුතු කළ හිටපු ජනපති ජෝකෝ විඩෝඩෝගේ වැඩිමහල් පුත්‍රයාවන ජිබ්‍රාන් රකාබුමින් රකා (37) ද එක්ව තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads