Global Platform For All Sri Lankans

Lanka Hit News

10 වැනිදායින් පසු සහල් ආනයනය කරන අයට වෙළෙඳ ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

 

ලබන 10 වැනිදායින් පසුව සහල් ආනයනයට ලබාදී තිබූ නිදහස යටතේ කිසියම් ව්‍යාපාරිකයෙකු සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යවන බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සහල් ආනයනයට ලබා දුන් කාලය ලබන 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවයි.

මේ අතර, වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය අනුව මේ වන විට පුද්ගලික අංශය මගින් සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කර තිබෙනවා.

මේ දක්වා ආනයනය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 75,000 අතර, කැකුලු‍ සහල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 43,000ක් අන්තර්ගතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads