Global Platform For All Sri Lankans

Lanka Hit News

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දිරි දීමනා ඉල්ලන විපක්ෂ නායක

 

මෙම වසරේ සිට ක්‍රියාත්මකවන පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ භාවිතයට නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

අද (07) පාර්ලිමේන්තුව අමතමිනුයි විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ.

එහිදී ඔහු ඉල්ලා ඇත්තේ, වසර 21ක් පුරා ක්‍රියාත්මකවන දීමනා ක්‍රමය දිගටම පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන ලෙසයි.

වර්තමානයේ පාර්ලිමේන්තු කටයුතු ඵලදායීව හා කාර්යක්ෂමව සිදු කරන කාර්ය මණ්ඩලයකින් සමන්විත බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම භාවිතයට නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව පිළිබඳ තීරණය ක්‍රියාත්මක කිරීමේ බලය කථානායකවරයාට පැවරී ඇති බවත්, එය මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අනුමත කරන ලෙස ඉල්ලා සිටින බවත්, ඔහු එහිදී සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads