විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව, කොපමණ ප්රතිශතයකින් විදුලි බිල අඩුකර යුතු දැයි අද දිනයේ අවසන් ගණන් තැබීම් සිදු කරන බව ද විදුලි බල මණ්ඩලය සඳහන් කළා.
කෙසේ වෙතත්, ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කිරීම සඳහා මීට පෙර යෝජනාවලියක් ඉදිරිපත් කළ ද , එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබුණා.
මෙම නව සංශෝධිත යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුවයි.
Author: Lanka Hit News
Post Views: 30