Global Platform For All Sri Lankans

Lanka Hit News

හිඟයක් නෑ , ඕනෑ තරම් තියෙනවා..

 

හිඟයකින් තොරව වෙළෙඳපොළට, බිත්තර නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු කියා සිටියේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35 -36ත් අතර පවතින බවයි.

කෙසේ වෙතත්, රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වන බැවින්, ඉදිරි උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි විය හැකි බවද අජිත් ගුණසේකර සඳහන් කළේ.

ඒ අනුව, රුපියල් 45කට අඩුවෙන් බිත්තරයක සිල්ලර මිල පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ.

වර්තමානය වනවිට සහල් නිවුඩු සහ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් ද බිත්තරයක නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම, කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බැවින් මේ වන විටත් හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද අජික් ගුණසේකර එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads