Global Platform For All Sri Lankans

Lanka Hit News

ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙය වූ බව කියන , ලොකු පැටී නිදහස් වුණා ද ?

 

බෙලරූස් රාජ්‍යයේ දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී නැමැත්තා නිදහස් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග ඊයේ කන්තලේ ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මෙසේ ප්‍රකාශ කර ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට රැගෙන ඒම සදහා සියලු‍ කටයුතු සූදානම් කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

“මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව බෙලරූස්හි ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා විමසීමක් සිදුකිරීමෙන් පසුව ඔවුන් විසින් අප වෙත දන්වා තිබෙනවා එම සැකකරු තවදුරටත් අත්අඩංගුවේ සිටින බවටත්, ඔහු කිසිසේත්ම නිදහස් කිරීමක් සිදුකර නොමැති බවට. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අවශ්‍යකරන ක්‍රියාමාර්ග ගෙන අවසන්.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads