එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (04) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කරන බවයි.
කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙන අතර, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල්දැමීමේ විවාදය අද පැවැත්වීමට ද නියමිතයි.
ඒ අනුව, අදාළ විවාදය අද පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා පැවැත්වෙනු ඇති.
Author: Lanka Hit News
Post Views: 13