Global Platform For All Sri Lankans

Lanka Hit News

ඩිජිටල් ආර්ථික අමාත්‍ය ලෙස ජනපති වැඩ භාරගනියි

 

ජනාධිපති අනුර කුමාර දිසානායක ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී ඊයේ (05) පස්වරුවේ වැඩ භාර ගෙන තිබෙනවා.

එම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු පවසා සිටියේ, දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඒ වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද සඳහන්.

ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද එහිදී සඳහන් කළ ජනපති,
දිළිඳුබව තුරන්කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වන බව ද පෙන්වා දුන්නා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads