ක්‍රීඩා

AI දැන්වීම් විශ්වාස කරන්න එපා – ඒ මම නෙවෙයි..

කෘතිම බුද්ධිය (AI) භාවිත කරමින් තමන්ගේ රූපය සහ හඬ අනිසි ලෙස යොදාගනිමින් නිර්මාණය කර ඇති වංචනික මූල්‍ය ආයෝජන දැන්වීම් පිළිබඳව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම වීඩියෝ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවත්, තමන් කිසිදු මූල්‍ය ආයෝජන ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය නොකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

“කරුණාකර මේවා විශ්වාස කරන්න එපා. මගේ කිසිදු සම්බන්ධයක් මූල්‍ය ප්‍රවර්ධන හෝ ආයෝජන සමග නැහැ. මේ වීඩියෝ AI තාක්ෂණයෙන් හදපු ව්‍යාජ ඒවා,” යනුවෙන් ඔහු පවසා සිටිනවා.

මෙම වංචනිකයින් මහේලගේ රූපය සහ හඬ ඉතා තාත්වික ලෙස අනුකරණය කිරීමට AI තාක්ෂණය යොදාගෙන ඇති බැවින්, සාමාන්‍ය ජනතාවට ඒවා සැබෑ වීඩියෝ ලෙස පෙනී යයි.

Shares: