අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ඊට අමතරව කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ජන ප්රදේශවලටද මෙම ජල කප්පාදුව සිදුවන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.











