ව්‍යාපාරික

මෙරට රන් මිල තවත් ගණන් උස්සයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙනවා.

අද (23) වනවිට ඉහළ ගොස් ඇති ලෝක රන් මිල ඩොලර් 4,485ක්.

ඒ අනුව මෙරට රත්‍රං මිල ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 7,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් තිබෙනවා.

එහිදී අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල දැක්වුණේ රු. 325,600ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 344,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 352,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

Shares: