උණුසුම් පුවත්

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද (24) සිට ක්‍රියාත්මක වෙනවා.

දුර ගමන් සේවා සඳහා අමතර බස් රථ 80ක් ධාවනයට එක් කිරිමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංඛ වීරසූරිය මහතා පැවසුවේ.

මේ අතර ජාතික ගමනාගමන කොමිසමේ සභාපති සජීව නන්දන කණකරත්න මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ මෙම බස් රථ සේවාව මේ මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

මේ අතර, උතුර දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, එම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය අද සිට ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Shares: